මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක මහතා විසින් ඊයේ (28) නිකුත් කර ඇත.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

අත්‍යවශ්‍ය සේවාවන් අතරට විදුලිය සැපයීම, ඉන්ධන සහ ගෑස් බෙදා හැරීම, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය සහ මාර්ග, දුම්රිය මාර්ග, ගුවන්තොටුපළ සහ වරාය වැනි ප්‍රවාහන යටිතල පහසුකම් නඩත්තු කිරීම ඇතුළත් වේ.

ඊට අමතරව, ජල සැපයුම සහ ජලාපවහනය, ආහාර බෙදා හැරීම, කෘෂිකර්මාන්තය ආශ්‍රිත සේවා, වාරිමාර්ග සහ විදුලි සංදේශ ද අත්‍යවශ්‍ය ලෙස වර්ගීකරණය කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website