අස්වැසුම සුභසාධන වැඩසටහනේ ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සහ ලැයිස්තුගත කිරීමේ කාර්යක්ෂමතාව සහ නිරවද්‍යතාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් අද (28) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී වත්මන් ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ ක්‍රමයේ නිර්ණායක සංශෝධනය කිරීම, තේරීම් ක්‍රියාවලිය වේගවත් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම තුළින් නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.
දිගුකාලීන ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳව ද නිලධාරීන් සාකච්ඡා කළ අතර පවතින පුරප්පාඩු පිරවීම, ග්‍රාම නිලධාරීන්ගේ සහභාගීත්වය ශක්තිමත් කිරීම, ගෙවීම් ක්‍රියා පටිපාටි සංශෝධනය කිරීම සහ අදාළ මෙහෙයුම් අභියෝගවලට මුහුණ දීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය, කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.













