විදුලිබල අංශය තුළ සාධාරණ පිරිවැයක් සහ සාධාරණ ලාභයක් සහතික කිරීම සඳහා ඕනෑම ගාස්තු ක්‍රමවේදයක් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් සකස් කර අනුමත කළ යුතු බව එහි සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ විදුලි ගාස්තු තීරණය කරනු ලබන්නේ සාධාරණ පිරිවැයක් සහ සාධාරණ ලාභයක් යන මූලධර්මය මත බවත්, පෙර සහ වර්තමාන නීති රාමුව යටතේ මෙම වගකීම මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත පවරා ඇති බවත්ය.
මෙම වගකීම ඉටු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින්ම සකස් කරන ලද අනුමත ගාස්තු සූත්‍රයක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. “වෙනත් පාර්ශ්වයක් විසින් සකස් කරන ලද සූත්‍රයක් භාවිතයෙන් අපට එය කළ නොහැකියි. එබැවින්, අපගේ ස්ථාවරය වන්නේ ක්‍රමවේදය අප කොමිෂන් සභාව විසින් සකස් කර අනුමත කළ යුතු බවයි.” ඔහු වැඩි දුරටත් පැවසුවේ.
බලශක්ති අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය නව විදුලි ගාස්තු සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් The Daily Morning පුවත්පත කළ කරුණු විමසීමක දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්යක්ෂවරයා මෙම කරුණු හෙළිකර ඇත.












