අධිවේගී මාර්ග සඳහා ස්වයංක්‍රීය ගෙවීම් පද්ධති හඳුන්වා දීමට යයි

මෙම වසර අවසන් වීමට පෙර අධිවේගී මාර්ග සඳහා ස්වයංක්‍රීය ගෙවීම් පද්ධති ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරි සති කිහිපය තුළ සිදුවන බව ද ඔහු සඳහන් කළේය.

ස්වයංක්‍රීය ගෙවීම් පද්ධතියක් හඳුන්වාදීම අධිවේගී මාර්ග ගාස්තු ගේට්ටු වල රථවාහන තදබදය අවම කිරීමට සහ මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට උපකාරී වන බව ද රත්නායක මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website