වැඩබලන අගවිනිසුරු ලෙස විනිසුරු යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (08) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය  නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website