
දිවයිනට බලපෑ ‘දිට්වා‘ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ “ආදරය” වැඩසටහන ඊයේ (06) තිස්සමාරාමයෙන් ආරම්භ විය.
මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් හතරක දරුවන් දහසකට වැඩි ප්‍රමාණයකට මෙලෙස පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දෙන ලදී.
මෙහි දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ මෙම “ආදරය” වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතන ද සහභාගී කරවා ගන්නා බවයි. මෙම වැඩසටහන හා එක්වන ලෙස ඔහු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.













