ගංවතුරරෙන් පසු අක්ෂි ආසාදන පහසුවෙන් ව්‍යාප්ත විය හැකි බවට අනතුරු ඇඟවීම්

මෑත කාලීන ගංවතුරෙන් පසු, මිනිසුන් ජනාකීර්ණ ස්ථානවල රැස්වන නිසා අක්ෂි ආසාදන වඩාත් පහසුවෙන් පැතිර යා හැකිය. ඔබ සහ අන් අය ආරක්ෂා කර ගැනීම සඳහා, කරුණාකර මෙම උපදෙස් ප්‍රවේශමෙන් අනුගමනය කර ඔබ අවට සිටින අය සමඟ මෙම තොරතුරු බෙදා ගන්න – සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යංශය ජනතාවගෙන් ඉල්ලයි

ගංවතුරෙන් පසු ජනතාව එක්රැස් වන ස්ථානවල අක්ෂි ආසාදන පහසුවෙන් පැතිර යා හැකි බැවින් අක්ෂි ආසාදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවට අනතුරු අඟවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවට අක්ෂි ආසාදනවලින් ආරක්ෂා වීමට සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ලෙස වැඩි දුරටත් උපදෙස් දෙයි.

කාර්යාංශයට අනුව, අක්ෂි ආසාදනවල රෝග ලක්ෂණ වන්නේ,

  • ඇස් රතු වීම සහ ඉදිමීම,
  • දියර ස්‍රාවය වීම,
  • ආලෝකයට සංවේදීතාව,
  • කැසීම
  • කබොල ඇතිවීමයි.

සබන් හා වතුරෙන් නිතර අත් සේදීම, නිතර ස්පර්ශ වන මතුපිට විෂබීජහරණය කිරීම, කැස්ස සහ කිවිසුම් යන විට මුඛය ආවරණය කිරීම, අක්ෂි කාච නිසි ලෙස පිරිසිදු කිරීම සහ රෝග ලක්ෂණ සතියකට වඩා වැඩි කාලයක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ජනතාවට උපදෙස් දී ඇත.

ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ඇස් ස්පර්ශ කිරීමෙන් හෝ අතුල්ලමින් සිටීමෙන් සහ පුද්ගලික අයිතම බෙදා ගැනීමෙන් වළකින්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැඩි දුරටත් උපදෙස් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website