ඔස්ට්‍රේලියාවේ නව යොවුන් දරුවන්ගේ Instagram, Facebook ගිණුම් වසා දැමීමට Meta සූදානම් වෙයි
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට නියමිතව තිබියදී, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ත්‍රෙඩ්ස්හි සිටින නව යොවුන් වියේ පසුවන ඔස්ට්‍රේලියානුවන්ගේ ගිණුම් වසා දමන බව දැනුම් දී තිබේ.
මෙම සන්නාම තුනෙහි හිමිකාරීත්වය දරන මෙටා සමාගම පැවසුවේ, වයස අවුරුදු 13ත් 15ත් අතර යැයි විශ්වාස කරන පරිශීලකයින්ට දෙසැම්බර් 4 වන දින සිට ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කිරීම ආරම්භ කරන බවට කෙටි පණිවිඩ, විද්‍යුත් තැපෑල සහ යෙදුම තුළ පණිවිඩ මගින් දැනුම් දීම ආරම්භ කර ඇති බව ය.
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16න් පහළ යෞවන යෞවනියන්ට අදාළ සමාජ මාධ්‍ය තහනම දෙසැම්බර් 10 වන දින සිට බලාත්මක වන අතර එය TikTok, YouTube, X සහ Reddit ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා ගණනාවකට බලපායි.
“ලොව ප්‍රමුඛතම” තහනමක් ලෙස පිළිගැනෙන මෙම තහනම “දරුවන්ට දරුවන් වීමට ඉඩ දීම” අරමුණු කර ගත් බව අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය. මෙටා සහ අනෙකුත් සමාගම් මෙම පියවරට විරුද්ධ වුව ද ඊට අනුකූල වන බව ඔවුහු පැවසූහ.
ඔස්ට්‍රේලියාවේ ඉන්ටර්නෙට් නියාමන ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ, ඉන්ස්ටග්‍රෑම්හි වයස අවුරුදු 13-15 අතර ෆේස්බුක් පරිශීලකයින් 150,000ක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් 350,000ක් සිටින බව ය.
දෙසැම්බර් 4 වන දින සිට, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට මෙටා සමාජ මාධ්‍ය වේදිකාවල ගිණුම් නිර්මාණය කිරීමට නොහැකි වනු ඇත. තරුණ පරිශීලකයින් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලැබූ විට ඔවුන්ට ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීන කරන ලෙස සමාගම පැවසීය.
ඔවුන්ගේ ගිණුම් වසා දැමීමට පෙර ඔවුන්ට ඔවුන්ගේ සටහන්, වීඩියෝ සහ පණිවිඩ ඩවුන්ලෝඩ් කර සුරක්ෂිත කළ හැකි ය.
මූලාශ්‍රය – බීබීසී















