ඊශ්‍රායල සංචාරක නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට

නව සංචාරක සහ ආයෝජන අවස්ථා සොයා බැලීමේ අරමුණින් ඊශ්‍රායල සංචාරක කර්මාන්තයේ 33 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ඊයේ (17) ශ්‍රී ලංකාවට පැමිණියහ.

දේශීය සංචාරක නියෝජිතයන් විසින් මෙම නියෝජිත පිරිස මහත් හරසරින් පිළිගත්තේය.

මෙම නියෝජිතයින් සියලුම පළාත් තුළ සංචාරය කරනු ඇති අතර ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන පරීක්ෂා කිරීමක් ද කරනු ඇති බව වාර්තාවේ.

එසේම ඔවුන්  ඊශ්‍රායල වෙළඳපොළේ ශක්තිමත් සංචාරක හවුල්කාරිත්වයන් සහ අනාගත ප්‍රවර්ධනයන් සඳහා ශ්‍රී ලංකාවේ ශක්තිය ඇගයීමට ලක් කරනු ඇති බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ඊශ්‍රායල සංචාරකයින් සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන අතර ආරුගම්බේ ඇතුළු නැගෙනහිර පළාතේ සංචාරක ස්ථාන හා සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website