ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

අපැහැදිලි හෝ නුසුදුසු ලෙස ලියා ඇති බෙහෙත් වට්ටෝරු පිළිබඳව ඖෂධවේදීන්ගෙන් සහ මහජනතාවගෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බව කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙම දෝෂ හේතුවෙන් සමහර අවස්ථාවල නිවැරදි ඖෂධ හඳුනා ගැනීම දුෂ්කර වී ඇති අතර එමඟින් රෝගීන්ට අවදානමක් ඇති විය හැකි බව එම නිවේදනය පෙන්වා දෙයි.

බෙහෙත් වට්ටෝරු / Prescriptions ලිවීමේදී සහ නිර්දේශ කිරීමේදී නිල මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) සියලුම වෛද්‍ය වෘත්තිකයන්ට මතක් කිරීමක් නිකුත් කර තිබේ.

අපැහැදිලි හෝ නුසුදුසු ලෙස ලියා ඇති බෙහෙත් වට්ටෝරු පිළිබඳව ඖෂධවේදීන්ගෙන් සහ මහජනතාවගෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බව කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙම දෝෂ හේතුවෙන් සමහර අවස්ථාවල නිවැරදි ඖෂධ හඳුනා ගැනීම දුෂ්කර වී ඇති අතර එමඟින් රෝගීන්ට අවදානමක් ඇති විය හැකි බව එම නිවේදනය පෙන්වා දෙයි.

නිල පිළිවෙත් සංග්‍රහයේ දක්වා ඇති පරිදි, බෙහෙත් වට්ටෝරු ලිවිය යුතු ආකාරය පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් එහි ආචාර ධර්ම මාර්ගෝපදේශවල අඩංගු බව SLMC සිය නිවේදනය මගින් සිහිපත් කළේය. ඖෂධවල පැහැදිලි බව, නිරවද්‍යතාවය සහ ආරක්ෂිතව බෙදා හැරීම සහතික කිරීම සඳහා මෙම ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සියලුම වෛද්‍යවරුන්ගෙන්  ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website