දේශීය අර්තාපල් සහ ලොකුළුෑණු ගොවීන්ගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දීමට රජය අවශ්‍ය මැදිහත්වීම් කර ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.
මේ ගැටලුවට දීර්ඝකාලීන සැලසුමක් අවශ්‍ය බැවින් දේශීය අර්තාපල් සහ ලොකු ළුෑණු මිලදී ගැනීමට සහ ගබඩා කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට අය වැය මඟින් රුපියල් මිලියන දහසක මුදලක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.
අමාත්මේයවරයා බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කරන ලද කරුණකට පිළිතුරු දෙමිනි. එහිදි ප්‍රශ්නය යොමු කළ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ දේශීය අර්තාපල් සහ ලොකු ළුෑණු මිලදී ගැනීම සඳහා ආණ්ඩුව සතුව විධිමත් වැඩපිළිවෙළක් නැතිවීම හේතුවෙන් ගොවි ජනතාව පීඩාවට පත්ව ඇති බවයි.
විපක්ෂය මේ ගැටලුව ජාතික ගැටලුවක් බවට පත් කිරීමට උත්සාහ කළ ද මේ සඳහා සාධාරණ විසඳුමක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් කර ඇති බව පෙන්වා දුන් ඇමැති වසන්ත සමරසිංහ විපක්ෂය කවර මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ කළ ද අල සහ ලොකු ළුෑණු ගොවීන්වෙ නුවෙන් ආණ්ඩුව අගෝස්තු මාසයේ සිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් පෙන්වා දුන්නේය.











