
සුහර්තෝ වඩාත් ආඩම්බරයට පත් වූ පදවිය “බාපක් පෙම්බන්ගුනන්” හෙවත් සංවර්ධනයේ පියා විය. කෙසේ වෙතත්, බලයේ සිටිය දී ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ඉන්දුනීසියාව හිටපු ජනාධිපති සුහර්තෝ ජාතික වීරයෙකු ලෙස නම් කර ඇති අතර, ඒකාධිපතියෙකු ලෙස ඔහුගේ මතභේදාත්මක උරුමය එම පියවරට එරෙහිව උණුසුම් විරෝධතා ඇති කර තිබේ.
ජාතික වීර සම්මානය යනු වාර්ෂික කටයුත්තක් වන අතර, එය රටට කරන දායකත්වය වෙනුවෙන් පුද්ගලයන්ට ගෞරව කිරීම සඳහා අදහස් කෙරේ.
අද (11) සුහර්තෝගේ හිටපු බෑණා වන වත්මන් ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී, අභාවප්‍රාප්ත සුහර්තෝ ද ජාතික වීර සම්මානලාභීන්ගේ ලැයිස්තුවට එකතු කරන ලද නව නම් 10 අතරට එක් විය.
ඔක්තෝම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සමාජ හා සංස්කෘතික අමාත්‍යාංශ විසින් සුහර්තෝ ඇතුළු අපේක්ෂකයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් සම්මානය සඳහා නම් කරන ලදී.
අද ජකර්තාහි රාජ්‍ය මාළිගාවේදී සුහර්තෝගේ දරුවන් විසින් අදාළ සම්මානය ලබා ගත්තේය.
1960 සිට 1990 දක්වා කාලය තුළ සුහර්තෝගේ පාලන සමයේදී, ඉන්දුනීසියාව වේගවත් ආර්ථික වර්ධනයක් අත්විඳින ලද අතර ප්රචණ්ඩ දේශපාලන මර්දනයක් ද අත්විඳියේය. එම කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත දේශපාලන විරුද්ධවාදීන් මරා දමා ඇති බවට ගණන් බලා තිබේ.
සුහර්තෝ “ඉන්දුනීසියාවේ නිදහස් සමයේදී ප්‍රසිද්ධියට පත් විය” සහ 1945 දී යෝග්යාකර්තා හි පැවති සටනකදී “ජපන් හමුදා නිරායුධකරණයට නායකත්වය දුන්” බව ජනාධිපති කාර්යාලයේ සම්මාන ප්‍රදානෝත්සවයේ සජීවී විකාශනයේ හඬ පටයකින් කියැවිණි.
නමුත් සුහර්තෝ ජාතික වීරයෙකු ලෙස ගෞරව කිරීම සිවිල් සමාජයෙන් සැලකිය යුතු විරෝධයකට ලක්ව ඇත.
පසුගිය සතියේ, සුහර්තෝගේ නාමයෝජනාවට විරෝධය පළ කිරීම සඳහා 100ක් පමණ පිරිසක් ජකර්තා නුවරට රැස් වූ අතර, 16,000කට ආසන්න පිරිසක් මෙම නම් කිරීමට විරෝධය පළ කරමින් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබා ඇත.
අද දින ජකර්තාහි තවත් විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, විරෝධතා අපේක්ෂාවෙන් ආරක්ෂක නිලධාරීන් සිය ගණනක් යොදවා ඇත.
මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි සංවිධානය පැවසුවේ මෙම පියවර “සුහර්තෝගේ ඒකාධිපති පාලන තන්ත්රයේ පව් සුදු හුනු ගෑමේ” උත්සාහයක් බවත් එය “ඉතිහාසය විකෘති කිරීමේ උත්සාහයක්” බවත්ය.
හිටපු ජනාධිපති සුහර්තෝට ජාතික වීර තත්ත්වය පිරිනැමීම සැමවිටම විවාදාත්මක වනු ඇත; එය ප්‍රබෝවෝ විසින් ප්රදානය කිරීම එය දෙගුණ කරයි. දෙදෙනාට ම මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ වාර්තා ඇති අතර ඒවා නොසලකා හැරිය නොහැකිය.
1965 දී සුහර්තෝ බලය අල්ලා ගත් විට, ඔහු ලේ වැගිරීමක් සිදු කළේය. එය ඉන්දුනීසියානු ඉතිහාසයේ අවුල් සහගත සිදුවීමක් වූ අතර, එහි දී අවම වශයෙන් කොමියුනිස්ට්වාදීන් යැයි කියනු ලබන ලක්ෂ පහක්වත් ඝාතනය කරන ලදී.
ඔහුගේ දශක තුනක බලය වධහිංසා පැමිණවීම්, අතුරුදහන් කිරීම් සහ සිවිල් නිදහස මර්දනය කිරීම මගින් සනිටුහන් විය. වසර 50කට පෙර ඔහු නැගෙනහිර ටිමෝරය ආක්‍රමණය කිරීම සීතල යුද්ධ යුගයේ වඩාත්ම කුරිරු හමුදා මෙහෙයුම් වලින් එකකි.
එහෙත් සුහර්තෝගේ දීර්ඝ පාලනය නූතන ඉන්දුනීසියාව හැඩගැස්වූ බවට කිසිදු සැකයක් නැත. ම්ලේච්ඡ බලය භාවිතා කිරීමට ඔහු තුළ තිබූ සූදානම නොතකා, ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වූයේ තම රටට සංවර්ධනය සහ ස්ථාවරත්වය ගෙන ඒමයි. ඉහළ මට්ටමේ දූෂණ තිබුණත්, ඔහු බොහෝ දුරට සාර්ථක විය.

ඔහුගේ දශක තුනක පාලන කාලය තුළ ඉන්දුනීසියාවේ ආර්ථිකය සෑම වසරකම සාමාන්‍යයෙන් 7%කින් වර්ධනය වූ අතර, උද්ධමනය 1966 දී 600% ට වඩා වැඩි වූ අතර 1997 දී 10%ක් පමණ විය.
ඉන්දුනීසියාව දැන් අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකයයි.
සුහර්තෝ වඩාත් ආඩම්බරයට පත් වූ පදවිය “බාපක් පෙම්බන්ගුනන්” හෙවත් සංවර්ධනයේ පියා විය. කෙසේ වෙතත්, බලයේ සිටිය දී ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
1998 දී, මූල්‍ය අර්බුදය අතරතුර සුහර්තෝ අවසානයේ දැඩි විරෝධයකට මුහුණ දුන් විට, ඔහු තම රටට ඉල්ලා අස්වීමේ සහ සාපේක්ෂව සාමකාමී සංක්රාන්තියකට ඉඩ දීමේ ත්‍යාගය ලබා දුන්නේය.
අද බොහෝ ඉන්දුනීසියානුවන්ට සුහර්තෝගේ පාලනයේ ඍණාත්මක පැතිවලට වඩා ධනාත්මක පැති මතක තිබිය හැකිය. 2008 දී ඔහු වයස අවුරුදු 86 දී මිය ගිය විට ඔහුට රාජ්‍ය ගෞරව සහිතව අවමංගල්‍යයක් පැවැත්විණි.
දශකයකට වැඩි කාලයක් තිස්සේ සුහර්තෝගේ ආධාරකරුවන් ඔහුව ජාතික වීරයෙකු ලෙස නම් කිරීමට පෙළ ගැසී ඇත. නමුත් සුහර්තෝගේ මතභේදාත්මක උරුමය නිසා මෙම උත්සාහයන් ව්‍යර්ථ විය.
පසුගිය වසරේ, ඔහුගේ හිටපු බෑණා වන ප්‍රබෝවෝ තේරී පත්වීම, ඓතිහාසික සංශෝධනවාදය පිළිබඳ කනස්සල්ලට හේතු විය.
ප්‍රබෝවෝ සිය මැතිවරණ ජයග්‍රාහී කතාවේ දී හිටපු ඒකාධිපතියාගේ පාලනය ප්‍රශංසා කළේය. එතැන් සිට, ඔහුගේ පරිපාලනය නව ඉතිහාස පොත් ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කර ඇති අතර, ඒවා නව නියෝග යුගයේ සිදු වූ කුරිරුකම් අවතක්සේරු කරන බව විචාරකයින් පවසති.
හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ ප්‍රබෝවෝ, සුහර්තෝ පාලනය යටතේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේය.
1990 දශකයේ අගභාගයේ සුහර්තෝ පාලනයේ අවසන් දිනවල ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පැහැර ගෙන ගොස් වධහිංසා පමුණුවන ලද ඒකකයකට අණ දුන් බවට චෝදනා සම්බන්ධයෙන් ඔහු වඩාත් කු ප්‍රකට ය.
බී.බී.සී ඇසුරිනි















