විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගනිමින් සිටින පියවරයන් සාධාරණ සමාජය අගය කරයි

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගනිමින් සිටින පියවරයන් අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් අද (31) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගනිමින් සිටින පියවරයන් අගය කරන්නෙමු.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා දියත් කර ඇති ජාතික වැඩපිළිවෙල අගය කරන අප සංවිධානය එකී වැඩසටහනට ඉහළම ජාතික ප්‍රමුඛතාවක් ලබා දීම වැදගත් වනවා මෙන්ම එයට රටේ සෑම පාර්ශ්වයක්ම දායක කරගත යුතුව ඇතැයිද අපි විශ්වාස කරන්නෙමු.

පොලිස් සේවයේ දූෂිත නිලධාරීන් ද ඇතුළුව   ඉහළ දේශපාලන මැදිහත්වීම් සහ සහයෝගය හේතුවෙන් මත්ද්‍රව්‍ය පාලන කටයුතුවලට අදාළව සිදු වූ බරපතල ඛාදනය අපි වසර ගණනාවක් තිස්සේ දැක ඇත්තෙමු. අවසාන ප්‍රතිඵලය වූයේ පාසල් ඇතුළුව දිවයින පුරා මත්ද්‍රව්‍ය පරිභෝජනය ඉහළ මටටමකින් පැතිර ගිය අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරමේ මධ්‍යස්ථානයක් බවට පත්වීමයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රමුඛතාවයක් ලබාදීම ප්‍රමුඛතම අවශ්‍යතාවයක්ව පැවැතිණ. එම කටයුත්ත සාර්ථක ගැනීම සඳහා සිවිල් සමාජයේ ද ඇතුළුව සෑම පාර්ශ්වයකම උපරිම දායකත්වය ලබා ගැනීමට රජය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

සුනිල් ජයසේකර, මහලේකම් , සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය 2025.10.31

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website