ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථව අද (31) මධ්‍ය රාත්‍රී 12.00 සිට පියවර ගන්නා බව එම සංස්ථාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
නව මිල සංශෝධනය අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් පහකින් (05) සහ ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් පහකින් ද (05) පහළ දැමීමට පියවර ගෙන ඇත.
ලංකා සුදු ඩීසල්, ඔක්ටේන් 95 සහ භූමිතෙල් මිල ගණන් නොවෙනස්ව පවතින බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.








