ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 63 වැනි පිටුවට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය වර්තමාන රජය සතු යුතුකමක් උවත්, ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් සකස් කර නොමැති බව, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකට එකතුවෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කිරීමේ පනත ගෙන එන කාලය පිළිබඳ තීරණය ගනු ලබන්නේ, කැබිනට් මණ්ඩලය විසින් බවය.
මෙම වගන්ති නිසා සමලංගික සම්බන්ධතා අපරාධමය වරදක් වී ඇති බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා, එම නීතීන් බ්‍රිතාන්‍ය-වික්ටෝරියානු යුගයෙන් මෙරටට ආ නීතීන් බව ප්‍රකාශ කරයි.
මේඝ







