ජාතික ආරක්ෂාව පතුලේ ජාතිවාදය සහ අන්තවාදය පාර්ලිමේන්තුව අමතා ජනපති කියයි

අද පස්වරුවේ හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිවරයා පාර්ලිමේන්තුව අමතා සඳහන් කළේ
ඉතිහාසයේ ආණ්ඩු බිඳ වැටුණ ද? වත්මන් ආණ්ඩුව බිඳ නොවැටෙන බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳ
තර්ජනයක් ඇතැයි සමාජය තුළ භීතියක් ගොඩනඟන්නට උත්සාහ ගනිමින් ආණ්ඩුව බිඳ වැටෙන
බව සමාජය තුළ මත ගොඩනඟමින් සිටින බව ජනපතිවරයා සඳහන් කළේ ය.

පාතාල ගැටුම නිසා සමාජය තුළ භීතියක් ඇති වී තිබෙන බව පිළිගන්නා නමුත් ඒ නිසා සාමාන්
පුරවැසියන්ගේ දෛනික කටයුතු කරගෙන යාමට තර්ජනයක් මතු වී නොමැති බව ද සඳහන් කරයි.
ජාතික ආරක්ෂාවට ඇති එක ම තර්ජනය වන්නේ එහි පතුලේ ඇති ජාතිවාදය හා අන්තවාදය ඊට
බලපා ඇති බවයි වැඩිදුරටත් අදහස් දැක් වූ ජනපතිවරයා පෙන්වා දුන්නේ. යළි කිසිම දිනෙක අපේ
රටේ ජාතිවාදයට, අන්තවාදයට හිස ඔසවන්න ඉඩ නොදෙන බවත් ජනපතිවරයා සඳහන් කළා.

ත්රස්තවදය වැළැක්වීමේ පනත අහෝසි කරන නමුත්, සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී
ප්රවණතාවයන් වෙනුවෙන් නීති රාමුවක් අවශ්ය බව ද ජනපති පෙන්වා දුන්නේ ය. සංවිධානාත්මක
අපරාධ කල්ලිවලට නිදැල්ලේ වර්ධනය වීමට ඉඩ දිය නොහැකි බවත්, සාමාන්ය නීතිය ඉක්මවා
යන්නේ නම් අලුත් නීති ගෙන ආ යුතු බව ද පෙන්වා දුන් ජනපතිවරයා කියා සිටියේ ත්රස්තවාදය
වැළැක්වීම පනත අහෝසි කරන්නේ නම් නව නීති රාමුවක් යටතේ පමණක් සිදු කරන බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි යනු කාලයක් පුරා නිදැල්ලේ වර්ධනය වීමටත්, පෝෂණය වීමටත්
පසුගිය සමයේ දේශපාලන නායකත්වයන් ඉඩහැර තිබූ බව ද සඳහන් කළේ ය.

– දුමින්ද අලුත්ගෙදර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website