ශ්රී ලංකා ජාතික රෝහලේ පුරප්පාඩුව පවතින අධ්යක්ෂක තනතුර සඳහා ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව සෞඛ්ය අමාත්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනකට නේවාසික රෝගීහු තුන්දහස් පන්සීයක් (3,500) පමණ හා බාහිර රෝගී අංශයෙන් තුන් දහසක් (3,000) පමණ ප්රතිකාර ලබන ජාතික රෝහලේ අධ්යක්ෂක තනතුරෙහි පුරප්පාඩුව තුන් මසකට ආසන්න කාලයක් පැවති බව ද එම ආරංචි මාර්ග පවසයි.
ජාතික රෝහලේ හිටපු අධ්යක්ෂ වෛද්ය කුමාර වික්රමසිංහ මහතා සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස උසස්වීම් ලබා ඇත.
රාගම ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂ, සම්පත් රණවීර මහතා ජාතික රෝහලේ වැඩ බලන අධ්යක්ෂකවරයා වශයෙන් සෞඛ්ය අමාත්යාංශය විසින් පත්කර තිබේ.
සටහන
ඇම් ඩී ධර්මසිරි
- Loading stock data...







