ඉරානෙන් ආපු අයිස් රට අස්සට ගියේ කොහොමද? පොලිස් සහ රේගු ලොක්කන්ට වැඩ වරදින ලකුණු

ඉරානෙන් ආපු කන්ටේනර් පරීක්ෂා කළේ කවුද? මොනවාද පරීක්ෂා කළේ යන්න ගැටලුවක් බව අයිස් රසායන සහිත කන්ටේනර් රට තුළට ගියේ කෙසේද යන්න විමර්ශනය කරමින් සිටින විමර්ශන අංශයන් සැක පළ කරයි.
ඔවුන් ප්රකාශ කරන්නේ මෙම රසායනික ද්රව්ය රට අභ්යන්තරයට යාම පිළිබඳව පසුගිය ජනවාරියේ මෙම බහාළුම් පරීක්ෂා කළ උසස් රේගු සහ පොලිස් නිලධාරීන් වගකිව යුතු බවය.
ඉරානයේ සිට කොළඹ වරායට පැමිණි බහාළුම් දෙකක් පිළිබඳව කල් ඇතුව එක්සත් ජාතීන්ගේ මත්ද්රව්ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ ඔත්තු සේවා මගින් ලංකාවේ බලධාරීන් දැනුවත් කර තිබූ බවත් එම දැනුවත් කිරීමේ ප්රථිපලයක් ලෙස මෙම ප්රශ්නගත බහාළුම් රේගුවේ රඳවාගෙන පරීක්ෂාවට ලක්කර ඇති බවත් දැනගන්නට ලැබෙයි.
ඉරානය වෙත ඇමරිකානු සම්බාධක පවතින අවස්ථාවක මෙසේ ඉරානයේ වරායක් වෙතින් ලංකාවට මත්ද්රව්ය ප්රවාහනය කිරීම බරපතළ තත්ත්වයක් බව ප්රකාශ කරන විමර්ශකයින් මෙම ජාවාරම පොලිස් සහ රේගු ඉහළ නිළධාරීන්ගේ අනුහසින් කලයක සිට සිදුවන්නට ඇතැයිද සැකපළ කරයි. ඒ අනුව ඔවුන් ප්රකාශ කරන්නේ ටැල්ක් ඛනිජ ද්රව්ය ගෙන එන මුවාවෙන් මෙම රසායනික ද්රව්ය ගෙනවිත් මෙම උසස් නිලධාරීන්ගේ උදව්වෙන් රට අභ්යන්තරයට එම රසායනයන් ගෙනයන්නට ඇති බවයි.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website