පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර් තා බාර නොදුන් අයට නඩු වැටෙන ලකුණු

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැත.

මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසා ඇත.

“2023 අංක 3 දරණ වියදම් නියාමන පනත යටතේ, ආදායම් වියදම් වාර්තා භාරදිය යුතු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මුළු සංඛ්යාව 78,725 දෙනෙකුගෙන් 76,292 තම තමාට අදාළ වියදම් වාර්තා තේරීම්භාර නිලධාරීන් වෙත භාරදීලා තියෙනවා. 2,433ක් අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මේ වාර්තා නියමිත දිනට භාරදීලා තිබුණේ නෑ. ඒ අනුව අපි තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් දුන්නා 2,433ගේ අදාළ විස්තර ඒ ඒ දිස්ත්රික්කවල පොලිස් ස්ථාන වෙත භාරදෙන්න කියලා. ඉන් අනතුරුව ඔවුන් නීතිපති උපදෙස් විමසීමෙන් අනතුරුව ඒ අයට නඩු පැවරීම සඳහා අවශ්ය කටයුතු සිදුකිරීමට නියමිතයි.”

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website