ඉරානයට ට්‍රම්ප්ගෙන් සැර දැනුම් දීමක්

මේ වනවිට බොහෝ දෙනකුගේ අවධානයට යොමුව ඇති පුවතක් වන්නේ ඊශ්රායලය සහ ඉරාන යුද්ධය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නිකුත්කර ඇති පණිවිඩයයි.
ඉරාන අහසේ සම්පූර්ණ පාලනය අමෙරිකාව සතුව පවතින බවත් ඉරානයට ඉහළ මට්ටමේ ගුවන් ආරක්ෂක පද්ධතියක් හා අනෙකුත් ආරක්ෂක උපකරණ ඇති බවත් එහි සටහන් කොට ඇති අතර, ඒ කුමන ආකාරයේ බලයකින් සන්නද්ධ වුවද අමෙරිකාවේ නිෂ්පාදිත තමන්ගේ යුධ ආම්පන්න බලය සමඟ ඒවාට සටන් කළ නොහැකි බව ද දැනුම් දී ඇත.
එලෙසම අමෙරිකානු සොල්දාදුවන් සහ සිවිල් ජනතාව අතර මිසයිල ප්රහාර සිදු කිරීමට තමන්ට අවශ්ය නොවන බවත් ඉරානයේ උත්තරීතර නායකයා අමෙරිකාවට ඉතා පහසු ඉලක්කයක් වුවද ඔහුව ඝාතනය කිරීමට දැනට අවශ්ය නොවන බව ද දන්වා තිබුණේය.
අවසාන වශයෙන් කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා සටහන්කර තිබිණ.

සටහන – දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website