සටන් විරාමයෙන් පසුවද ඉරානයෙන් නැවතත් මිසයිල දියත් කිරීමේ සූදානමක් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඊශ්රායල් ආරක්ෂක හමුදාව පවසන්නේ තම ගුවන් ආරක්ෂක පද්ධති හරහා මිසයිල ප්රහාරවලට එසැණින් ප්රතිචාර දක්වන බවය.
ඒ අනුව ඊශ්රායලය විසින් නැවත දන්වන තුරු ආරක්ෂිත නවාතැන්වලට වී සිටින ලෙසට එහි ජනතාවට අනතුරු අඟවා ඇත.
කෙසේ වුවද ඉරානය සටන් විරාමය උල්ලංඝනය කිරීම ගැන චෝදනාත්මක ප්රකාශයක් කරන ඊශ්රායල ආරක්ෂක අමාත්යවරයා එයට ඉතාම බලගතු ලෙසින් ප්රති උත්තර දෙන ලෙසට ආරක්ෂක හමුදාවන්ට අණකර ඇති බව ද සැලය.
දමයන්ති
- Loading stock data...







