තත්ත්ව පරීක්ෂා කිරීමේ ප්‍රමාදය මත ආනයනික ලුණු තොගවල බහාලුම් 100කට වැඩි ගණනක් වරායේ සිරවී තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමි කරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසා සිටියි.
ලුණු බහාලුම් පිටතට යවනු ලබන්නේ සීමා සහිතව බවත, තත්ත්ව සහතික පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවා ගබඩා පරීක්ෂා වෙත යවන බවත්, ඉතා තදින් පවතින අව් රස්නය හේතුවෙන් ලුණු දියවීමේ හැකියාව පවතින බවත් දැනටමත් ඇතැම් බහාලුම්වලින් ලුණු දියවී පිටතට ගලා එන්නට පටන් ගෙන ඇති බවත්, ඊයේ (25)පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පවසා සිටියේය.
ලුණු සේම වෙනත් ආහාර වර්ග ද මෙම ව්‍යාසනයට මුහුණ දෙමින් සිටින බව පවසන සනත් මංජුල පිටත බහාලුම් පරීක්ෂා කරන ස්ථානවල ඉඩකඩ මෙන්ම නිලධාරීන් ද ප්‍රමාණවත් නොවන බැවින් රේගුවෙන් ප්‍රමුඛතාවය ලබා දී ඇතත් බහාලුම් වරාය පරිශ්‍රය තුළ සිර තිබෙන බව ද මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් කියා සිටියේය.
දමයන්ති
- Loading stock data...







