2025 අවුරුද්දේ ගත වූ මාස 6ක කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනය ඉක්මවූ ආදායමක් උපයා ඇති බව සඳහන් වේ.
තව දුරටත් ඒ පිළිබඳව කරුණු අනාවරණය කරමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසා සිටින්නේ මේ අන්දමින් බලන කළ මෙම වසර තුළ රජය ලබා දුන් ආදායම් ඉලක්කය වන බිලියන 2115 සීමාව පසුකර යාමට හැකිවනු ඇති බවයි.
මෙකී ආදායම් තත්ත්වය මෙලෙස සාර්ථකත්වය කරා ගෙන යාමට හැකි වූයේ ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතුකර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක තව දුරටත් පවසා සිටියේය.
දමයන්ති








E-Paper