ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.
ඔවුන් පෙන්වා දුන්නේ මේ හේතුවෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ සිරවී ඇති බවයි.
වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාල රැසක සේවා කටයුතු අඩපණ වී තිබේ.
තැපැල් සේවකයින් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ අතිකාල ගෙවීම සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට සිදුවීම, සියලුම පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සළකුණු කළ යුතු වීම ඇතුළු කරුණු 19ක් මුල් කරගනිමිනි.
එම ගැටලු සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡාවකට අවස්ථාව ලබා දී නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.
කාංචනා
ඉල්ලීම්වලට විසඳුම් දෙන තුරු තැපැල් වර්ජනය අඛණ්ඩව








