ඊයේ (13) රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ කෙටි කෑම, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේය.
නව තීඑරණ අනුව කෙටි ආහාරවල මිල රුපියල් 5කින් සහ ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු වල මිල රුපියල් 15කින් ඉහළ යාමට නියමිතය.
ලාෆ්ස් ගෑස් සමාගම ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය මිල ගණන් ඉහළ දැමීය. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් ඉහළ ගිය අතර, කිලෝග්‍රෑම් 5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732 කින් ඉහළ නැංවීය.








