2026 ජුනි 30 වන දින වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් වූ බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පවසයි.
මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 95.047ක් වන අතර විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 38.008කි.
ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 5.0067ක්, ජපානයෙන් ඩොලර් බිලියන 2.2727ක් සහ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 853.9ක ද්විපාර්ශ්වික ණය ලබා ගෙන ඇත.
රටවල් 13කට ගෙවිය යුතු ණය සේවාකරණය සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවමත් සිදුවෙමින් පවතින බව ද වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
















