නියඟයෙන් පීඩාවට පත් වන සතුන් සඳහා පානීය ජලය සැපයීම සඳහා යාල ජාතික වනෝද්‍යානය තුළ තවත් පොකුණු ඉදිකිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව උද්‍යාන පාලක ඒ.ටී.ආර්. රවීන්ද්‍ර මහතා පැවසුවේය.
පැරණි පොකුණු සහ ජල වළවල් ද ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව කී රවීන්ද්‍ර මහතා මැණික් ගඟෙන් බවුසර් මගින් ප්‍රවාහනය කරන ජලයෙන් පොකුණු සහ ජල වළවල් පුරවන බව ද පැවසීය.












