කැබ් රථය සහ ත්‍රිරෝද රථය මුහුණ මුහුණ ගැටී දින 10ක බිළිඳා ඇතුළු තිදෙනෙක් මරුට

කැබිතිගොල්ලෑව ගෝනමැරියාව පන්සල අසල දී අද (27) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් දින 10ක බිලිදෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව කැබිතිගොල්ලෑව පොලිසිය පැවසුවේය.

අනතුරින් ත්‍රිරෝද රථයේ ‍රියදුරු, ඔහුගේ මව සහ දින 10ක කුඩා බිළිඳා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ අනුරාධපුර දෙස සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට ධාවනට වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

කැබිතිගොල්ලෑව පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යමින් සිටියදී මෙම දරුණු අනතුරට මුහුණ පා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website