එල්-නිනෝ කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ජලය රැස් කර ගැනීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ‘යුනිලීවර් දියවර සහාය’ ව්‍යාපෘතිය මගින් පිරිනමනු ලබන ජල ටැංකි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සංකේතාත්මකව භාර දීම අද (25) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මෙහි ප්‍රථම අදියර යටතේ ජල ටැංකි 200ක් බෙදා දීමට නියමිත අතර මොනරාගල, පොළොන්නරුව, ගාල්ල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පීඩාවට පත් ජනතාව වෙනුවෙන් හෙට (26) සිට එම ජල ටැංකි බෙදා දීම සිදු වේ.
මෙම ජල ටැංකි තොගය යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සමකාලීන නිෂ්පාදන සහ අපනයන අංශ ප්‍රධානී හේෂාන් සාලින්ද බ්රැන්ඩියගම්පල මහතා විසින් සංකේතාත්මකව ජනාධිපති ලේකම්වරයා වෙත භාර දෙන ලද අතර, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලින් ශ්‍රී ලංකා) එස්. පී. සී. සුගීෂ්වර, එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් කපිල සෙනරත් යන මහත්වරුද, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් තිළිණ රුද්‍රිගෝ, කෞෂිකා වර්ණසූරිය, කසුන් විජේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.
















