ප්‍රවීණ සංගීතඥ විශාරද් වෛද්‍ය නන්දා මාලිනීගේ අභාවයෙන් පසු ප්‍රකාශයට පත් කරන ලද ජාතික ශෝක දින තුනක කාලය තුළ ජාතික ධජය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතනවලට උපදෙස් දී තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් අද (21) දින නිකුත් කළ චක්‍රලේඛයක මේ බව සඳහන් වේ.
මෙම උපදෙස්වලට අනුව අද (21), හෙට (22) සහ පසුදා (23) ජාතික ධජය අඩකුඹු කර තැබිය යුතුය.
ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්/රාජ්‍ය නියෝජිතයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මෙම නියෝගය දැනුම් දී ඇත.
නන්දා මාලිනී මහත්මිය ඊයේ (20) නාවල පිහිටි ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 82 කි.














