බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ මෙවර රන්සීවලී පෙරහැර අද (14) දින රාත්රී 08.00 ට විහාරස්ථානයෙන් ආරම්භ වී පසුදින අළුයම 02.00 පමණ දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
පෙරහැර 119 මහරගම දෙහිවල බස් මාර්ගයට පිවිස බෙල්ලන්තර මංසන්ධිය දෙසට ගමන් කර සෝමරත්න මාවතට හැරෙන මංසන්ධියෙන් දකුණට හැරී සෝමරත්න මාවත ඔස්සේ විහාර මාවතට පිවිස, විහාර මාවත ඔස්සේ නැවත බෙල්ලන්විල විහාරස්ථානයට පැමිණේ.
මේ අනුව පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළදී බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර මංසන්ධිය දක්වා 119 බස් මාර්ගය රථාවාහන ගමනාගමනය සීමා කෙරේ.
පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කර ගමන් පහසුව සලසාගන්න –
- දෙහිවල දෙස සිට මහරගම දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන බෙල්ලන්තර මංසන්ධියෙන් වමට හැරී 117 මාර්ගය ඔස්සේ පැපිළියාන මංසන්දියට පිවිස දකුණට හැරී බොරලැස්ගමුව මංසන්ධියට පිවිසිය හැකිය.
- මහරගම දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා බරවාහන
01. බොරලැස්ගමුව මංසන්ධියෙන් දකුණට හැරී පැපිළියාන මංසන්ධියට ගමන් කර වමට හැරී 117 මාර්ගය ඔස්සේ බෙල්ලන්තර මංසන්ධයට පිවිසිය හැකිය.
02. බොරලැස්ගමුව මංසන්ධියෙන් වමට හැරී පිළියන්දල මංසන්ධියට ගමන් කර දකුණට හැරී කටුබැද්ද මාර්ගය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකිය.
- මහරගම දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන මාලනී බුලත්සිංහල පාරට හැරෙන හන්දිය දක්වා ගමන් කර වමට හැරී පිටවේල්ල පාරට පිවිස කහවිට මාවත ඔස්සේ 117 මාර්ගයට ගමන් කල හැකිය.














