
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුන් වූ රැඳවියන් 4,962දෙනාගෙන් 1,506 දෙනෙකු සඳහා මේ වන විට පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ.
අධිකරණ නියෝග මත යොමු කරන ලද පුද්ගලයින්ට සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රැඳවියන්ට මෙම පුනරුත්ථාපන වැඩසටහන් ලබා දෙන බවත්, විවිධ නඩු සම්බන්ධයෙන් දඬුවම් විඳින සියලුම රැඳවියන් සඳහා පුනරුත්ථාපන අවස්ථා ලබා දීමට හැකියාව නොමැති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
රටේ බන්ධනාගාරවල තදබදය අඩු කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විස්තරාත්මකව සාකච්ඡා කළේය.
කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින පාර්ලිමේන්තුවේදී රැස්විය.














