අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව නැමැත්තාගේ ඝාතනයට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව අගෝස්තු 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකාරිය අද (10) අධිකරණයට ඉදිරිපත් කළ අතර විමර්ශනයේ ප්රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.















