කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (31) මරණ දඬුවම නියම කරන ලද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පවසයි.
ඉදිරි සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කරන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.
මරණ දඬුවම නියම කෙරුණු දිනයේ සිට දින 28ක් ඇතුළත අදාළ අභියාචනය ගොනු කළ යුතු බැවින් කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගන්නා බව නීතිඥවරයා සඳහන් කළේය.
නීතිඥ රොෂාන් දෙහිවල මහතා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් මහාධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා බව ද වාර්තා වේ.









