ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය ජනගත කෙරේ

ඒ අනුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය වන https://nationalzoo.gov.lk/ අද සිට මහජනතාව වෙත විවෘත කර ඇත.

නව වෙබ් අඩවිය හරහා සත්ව සංරක්ෂණය සහ සත්ව සුබසාධනය සිය මූලික අරමුණ කරගත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වඩාත් පුළුල්ව හා පැහැදිලිව මහජනතාව වෙත ගෙන යාමට අපේක්ෂා කෙරේ. එමඟින් දෙපාර්තමේන්තුව පිළිබඳ නිවැරදි හා විශ්වසනීය තොරතුරු ජනතාවට පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන සත්ව සංරක්ෂණ වැඩසටහන් සහ සත්ව සුබසාධන ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් අවබෝධයක් සමාජයට ලබාදීම තුළින් සත්ව සංරක්ෂණ කටයුතු සඳහා ජනතා දායකත්වය තවදුරටත් වර්ධනය කිරීම ද මෙමගින් අපේක්ෂා කරයි.

මෙම වෙබ් අඩවිය හරහා මහජනතාවට සපයන සේවාවන් වඩාත් කාර්යක්ෂම හා පහසු ආකාරයෙන් ලබාදීමට හැකිවන අතර දෙපාර්තමේන්තුව සහ ජනතාව අතර පවතින විශ්වාසය හා සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද එය ඉවහල් වනු ඇත.

තවද විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩිදියුණු කිරීම සඳහා ද මෙම වෙබ් අඩවිය වැදගත් වන අතර, මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම හඳුන්වාදීම මඟින් මෙරට විදේශ විනිමය උත්පාදනය සඳහා අවස්ථාව සැලසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website