රටේ දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්ක ජයග්‍රහණය කළ හැකි වන්නේ ග්‍රාමීය නිෂ්පාදන ඉහළ නැංවීමෙන් තුළින් පමණක් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) රත්නපුර, පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රජා ශක්ති, ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩසටහනේ දීය.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගමේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන්ට නිරීක්ෂණ මට්ටමින් සහය දීමට ඉදිරියේ දී අවස්ථාව ලබා දෙන බවයි. තව ද 76 වසරක පාලන ක්‍රමය වෙනස් කරමින් ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබා දුන්නේ සැබෑ සමාජ පරිවර්තනයක් අපේක්ෂාවෙන් බවත් එම ජනතා අභිලාෂය ඉටු කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.









E-Paper