
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 16 වැනිදා පස්වරුවේ දිවයිනට පැමිණියා.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිස විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහිදී නියෝජිත කණ්ඩායම පිළිගනු ලැබීය. එහිදී ඇමතිවරයා සම`ග කෙටි සාකච්ඡාවකට එක්වූ ඇයි එදින නැවතී සිටින හෝටලය බලා පිටත් විය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ එහි බලපෑම සෘජුව නිරීක්ෂණය කිරීමේ අරමුණින් අයිඑම්එෆ් කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිස මෙරට පැමිණි අතර ඔවුන් 17 දින පෙරවරුවේ ගම්පොළ ප්‍රදේශයේ සංචාරයකට එක් විය. පවුල් 30කට අධික පිරිසකගේ නිවාස විනාශයට පත්ව විස්සකට අධික පිරිසක් මරණයට පත්වූ, හයදෙනෙකු පමණ අතුරුදන්ව ඇති මාවතුර ප්‍රදේශයේ නිරීක්ෂණයට එක්වූ ඇය නිලධාරීන් සමග මෙන්ම ප්‍රදේශයේ ජනතාව සමගද අදහස් හුවමාරු කර ගත්තා ය. ඇය ඉතා ඕනෑකමින් මිනිසුන් අතරට ගොස් ඔවුන්ගේ දුකසැප ඛෙදා ගත්තාය. දූ දරුවන්ට අතට අත දෙමින් ඇගේ හෘදයාංගම බව ඔවුන් සමග ඛෙදාහදා ගත්තා ය.
“ඔබේ රටේ මිනිස්සු ඉතාම ධෛර්යවන්තයි. ඕනෑම දෙයකට මුහුණ දෙන්න ඔවුන්ට ශක්තියක් ධෛර්යක් තියෙනවා. ඒ වගේම ඒ මිනිස්සුන්ට හොඳ ආණ්ඩුවක් තිඛෙනවා. මේ ව්‍යසනයෙන් ගොඩ එන්න විතරක් නෙවෙයි මේ රට පරිවර්තනය කරන්න ඒක හොඳ ශක්තියෙක් වේවි” ක්‍රිස්ටලිනා ඇමතිවරයා සමඟ පැවසුවා ය. ඇය ගුවනින් යමින් මධ්‍යම කඳුකරයේ විනාශයට පත්වූ ප්‍රදේශ සියැසින් දැක බලාගැනීමට කටයුතු කළාය.
අනතුරුව කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සාදරයෙන් පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය අගය කළේය.
“ඔබගේ රජයේ යහපාලනය සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ සඳහා වන කැපවීම මගින් ශ්‍රී ලංකාවට වේගවත් සංවර්ධනයක් සහ තිරසාර ආර්ථික ප්‍රගතියක් අත් කර ගැනීමේ අනන්‍ය අවස්ථාවක් උදා වී තිඛෙනවා. පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය ගත් කඩිනම් පියවර අපි අගය කරනවා. එම සහන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 කට අධික හදිසි මූල්‍ය ආධාර ලබාදෙන්න අපි කටයුතු කළා.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ජනතාවටද ප්රතිලාභ සහතික කෙරෙන නිසා අපේක්ෂිත ආර්ථික අරමුණු කරා ළගා වීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ සමඟ තවදුරටත් ඉදිරියට යා යුතු බව අපි කල්පනා කරනවා” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, පශ්චාත් ආපදා සහන වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ මීළඟ අදියර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිතයන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සමඟ ද ඇය සාකච්ඡා වට කිහිපකට සහභාගී විය.
18 වෙනි දින පස්වරුවේ ඇය දිවයිනෙන් පිට ගිය අතර ඇය සමුදීමට ගුවන්තොටුපළ වෙත කැඳදවාගෙන ගියේ අමාත්‍ය අනිල් ජයන්ත විසිනි. ඒ යන අතරතුර ද තමන්ගේ සංචාරය වෙනුවෙන් පහසුකම් සැලසීම පිළිබඳ ස්තුතිවන්ත වන බව ඇය පැවසුවාය.
“ආණ්ඩුවේ සාර්ව ආර්ථීක ස්ථායිකරණය පිළිබඳව පුළුල් අවබෝදයක් අපි ලබාගත්තා. ආර්ථීකය ස්ථාවර කර ගැනීමට ආණ්ඩුවේ කැපවීම අපි හිතුවාටත් වඩා හොඳන් තිඛෙනවා. මෙම ආර්ථීක ස්ථායිකරණයත් සමඟ රටට ආයෝජන කැඳවාගැනීම ගැන ඒවා දිරිගැන්වීම පිළිබඳව අවදානය යොමු කිරීම තමයි වැදගත්” අධ්‍යක්ෂවරිය ඇමතිවරයා සමඟ පැවසුවාය.
මේ මොහොතේ ලංකාවේ සංචාරයට එක්වීම පිළිබඳවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබාදෙන සහායෝගය පිළිබඳවත් ස්තූතිය පළ කළ ඇමතිවරයා ඇයට සමූදී කොළඹ පැමිණියේය.
















E-Paper