කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (11) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි නිල කාලගුණ අනාවැකිය.
හෙට (12) දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන අතර අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.












