පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ බස්නාහිර පළාත උතුර විශේෂ මෙහෙයුම ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගිය 19 වැනිදා කඩවත පොලිස් වසමේ ශ්‍රී බිම්බාරාමය අසලදී හෙරොයින් ග්‍රෑම් 56 මිලි ග්‍රෑම් 02ක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 48ක් හා 54ක් වන සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ඔවුන් ඊයේ (20) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක් රැදවුම් නියෝග ලබා ගෙන ඇති අතර කඩවත පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.












