කොරියානු රැකියා අපේක්ෂිතයින්ට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයෙන් දැනුම් දීමක්

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචිව රැඳී සිටින ශ්‍රමිකයින්ට දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේ දී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී ඇත.

මෙම නව තීරණය 2026 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු අනෙකුත් සියලු සුදුසුකම් සපුරාලන ශ්‍රමිකයින් වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර පළමු වරට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර, එම පරීක්ෂණයෙන් සමත් වන ශ්‍රමිකයින්ගේ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබයි.

පරිපාලන කාර්යක්ෂමතාවය වැඩි කිරීමත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා රැකියා අපේක්ෂිතයින්ට වැය වන මුදල් ප්‍රමාණය අවම කිරීමත් යන අරමුණු මත මෙම තීරණය ගත් බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website