මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයිරාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නලින් ප්‍රනාන්දු මහතා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම අභියාචනා පෙත්සම් අද (20) දින අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 50කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට එවකට විෂයභාර අමාත්‍යවරයා වූ මහින්දා නන්ද අලුත්ගමගේ මහතා සහ සතොස සභාපති නලින් ප්‍රනාන්දු මහතා අධිකරණය විසින් වැරදිකරු කරනු ලැබුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website