පුද්ගලික ඔසුසල්වල ඖෂධවේදීන්ගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයෙන් බරපතළ චෝදනාවක්

ඇතැම් පුද්ගලික ඔසුසල් නිසි පුහුණුවක් සම්පූර්ණ නොකළ හෝ අඩු සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක් හරහා ඖෂධ නිකුත් කර ඇති බවත් එය 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත උල්ලංඝනය කිරීමක් බවත් සමස්ත ලංකා රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති චලිත් අමරදිවාකර මහතා පවසයි. ‍

බලපත්‍රලාභීන් සමහර විට ගුරුවරුන්, හෙදියන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු රජයේ හෝ පෞද්ගලික අංශයේ වෙනත් රැකියා කරන බවත් කොන්ත්‍රාත් පදනම මත ඔවුන්ගේ ඖෂධ බලපත්‍ර ඔසුසල් වෙත කුලියට දෙන බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සමස්ත ලංකා රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති චලිත් අමරදිවාකර මහතා, “ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පුද්ගලික ඔසුල්වලට නිකුත් කර ඇති අලුත් කිරීමේ ක්‍රියාවලියේදී ඖෂධවේදීන්ගේ පූර්ණ කාලීන රැකියා තත්ත්වය, ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය, සේවක අර්ථසාධක අරමුදල් අංකය සහ විශ්‍රාම වැටුප් අංකය භාවිතයෙන් සත්‍යාපනය කරනවා. ඖෂධ නිකුත් කිරීම සඳහා අවශ්‍යතා 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත පැහැදිලිව දක්වා තිබෙනවා. එහි 120(2) වගන්තියට අනුව, බලපත්‍රලාභියෙකු ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ඇතුළු සියලුම ඖෂධ කටයුතු සඳහා වගකිව යුතු අවම වශයෙන් එක් ඖෂධවේදියෙකු සේවයේ යෙදවිය යුතුයි. 120(3) වගන්තියේ සඳහන් වන්නේ ඖෂධවේදියෙකුට හෝ සෘජු අධීක්ෂණය යටතේ ලියාපදිංචි පුහුණු ඖෂධවේදියෙකුට පමණක් මෙම නිෂ්පාදන නිකුත් කළ හැකි බවයි.”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website