බදුල්ලේ සියලු පාසල්වලට අද පෙරවරු 11ට නිවාඩු දෙන ලෙස දැනුම් දෙයි

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙරවරු  11 වන විට නිවාඩු ලබා දී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම කාලගුණ අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website