අධ්‍යාපනය සහ සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් විය යුතුය යන ප්‍රතිපත්තියේ සමගි ජන බලවේගය සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙහි දී නව විෂය මාලා ප්‍රතිසංස්කරණ තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය නිසා පාසල් දූදරුවන්ගේ අධ්‍යාපන අයිතියට බරපතල තර්ජනය එල්ල වී ඇති නිසා මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් ළමා ප්‍රඥප්තියේ 13, 14, 18, 19 යන වගන්ති මේ අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නිසා උල්ලංඝනය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් සකස් කර ඇති නිසා එය සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉල්ලා සිටියේය.
අධ්‍යාපනය විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය මඟින් පිළිගෙන ලෝකයේ බොහෝ රටවල මූලික අයිතිවාසිකමක් ලෙස ද පිළිගෙන තිබේ. අප රටේ ද අධ්‍යාපනය මුලික අයිතිවාසිකමක් නොවුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 6 වැනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම්වල නිදහස් අධ්‍යාපනය ලබා දීම මූලික යුතුකමක් ලෙස සඳහන් වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
















