දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් – නිල වාර්තාව මෙන්න

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (06)  ප.ව 12.00ට නිකුත් කළ නිවේදනයක් මඟින් මහ නුවර දිස්ත්‍රික්කයේ උඩු දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට 03 අදියරේ, ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දේකැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත සහ මතුරට යන ප්‍රා.ලේ. කොට්ඨාශවලට 02 වන අදියරේ, අවදානය (ඇම්බර්) නිවේදන නිකුත් කර ඇත.

තව ද බදුල්ල, මහ නුවර, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයකට 01 අදියරේ (කහ) විමසිලිමත් නිවේදන නිකුත් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website