පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි – ගැසට් පත්‍රය මෙන්න

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත 2025 දෙසැම්බර් 29 වැනි දා ගැසට් කර ඇති අතර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය පල කර ඇත.

මේ පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” යනුවෙන් හඳුන්වන අතර ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙයින් ඉවත් කරනු ලැබේ.

සැක දුරු කිරීම සඳහා, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන ප්‍රකාර, 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හෝ 1990 අංක 47 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ ඉහත සඳහන් විධි විධාන යටතේ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තකුට මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප ලැබීම නතර විය යුතු බවට මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

අදාළ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website