නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ 224ක් මීගමුව කලපුවේදී දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොල කිලෝග්‍රෑම් දෙසීය විසිහතරකට (224) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුව කළපු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කලපුවේ අතහැර දමා තිබූ සැකකටයුතු උර හයක් (06) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා තිබූ, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උතසහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යනලද බවට සැක කෙරෙණ බීඩි කොල කිලෝග්‍රෑම් දෙසීය විසිහතරකට (224) අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොල තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website