
ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාශ ආවරණය වන පරිදි පසුගිය 16 වැනිදා ක්‍රියාත්මක කළ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුමේ දී පුද්ගලයින් 629 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේ දී පුද්ගලයින් 28,258 දෙනකු පරීක්ෂාවට ලක්කර ඇති අතර අත්අඩංගුවට ගැනීම් (විවෘත වරෙන්තු) 472ක්, අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනා ගත් පුද්ගලයින් 16ක්, අපරික්ෂාකාරී රිය පැදවීම්වලට අත්අඩංගුවට ගැනීම් 13ක්, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් 15ක් හා රථවාහන වෙනත් වැරදි 3917ක් හඳුනා ගෙන ඇත.












