කෙහෙල්බද්දර පත්මේගෙන් ලද තොරතුරු මත ගිනි අවියක් හා පතොරොම් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පත්මේගෙන් ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා පතොරොම් අත්අඩංගුවට ගත් පොලිසිය පවසයි.

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පත්මේ නැමති සැකකරු මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් ගිනි අවියක් ඇතුළු දේපළ දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව එම නිලධාරින් විසින් විශේෂ කාර්ය බලකා කැලණිය කඳවුරේ නිලධාරින්ගේ ද සහය ඇතිව එ‍ඩේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකල කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02 ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website