නායයෑම් අනතුරු ඇඟවීම් යළි යාවත්කාලීන කෙරේ – සම්පූර්ණ වාර්තාව මෙන්න !

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද (16) දින පස්වරු 04.00ට නිකුත් කළ වාර්තාව මින් නායයෑම් සම්බන්ධ අනතුරු ඇයීමේ නිවේදනය තව දුරටත් දීර්ඝ කරමින් 3 අදියරේ (ඉවත් වීමේ) රතු නිවේදන සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

02 අදියර (අවධානය) ඇම්බර්

  • මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පූජාපිටිය, උඩපළාත, කුන්ඩසාලේ, ගඟවට කෝරළය, දෙල්තොට, මැදදුම්බර, මිනිපේ, පන්විල, දොළුව, යටිනුවර, හාරිස්පත්තුව, අකුරණ, පාතදුම්බර, තුම්පනේ, හාරිස්පත්තුව, පස්බාගේ කොරළය, උඩනුවර, උඩුදුම්බර, පාතහේවාහැට යන ප්‍රා.ලේ කොට්ඨාශය,
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම යන ප්‍රා.ලේ. කොට්ඨාශය,
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟරක්කෙත, වලපනේ, මතුරට සහ නිල්දණ්ඩාහින්න

යන ප්‍රා.ලේ. කොට්ඨාශවලට 02 අදියරේ (අවධානය) ඇම්බර් නිවේදන නිකුත් කර ඇත.

01 අදියර (විමසිලිමත්) කහ

  • බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, හාලිඇළ, මීගහකිවුල, හල්දුම්මුල්ල, කන්දෙකැටිය, පස්සර, සොරණාතොට, ඇල්ල, වැලිමඩ, ලුණුගල, බදුල්ල,
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, පොල්ගහවෙල, මාවතගම, අලව්ව,
  • මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙළ, රත්තොට, මාතලේ,
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව කෝරළය, නෝර්වුඩ් සහ තලවකැලේ

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website